නමුත් මම මේ සැරසෙන්නේ පරිගණක තාක්ෂණයේ හරබර දේ ගෙනහැර දක්වන්නට නොව පරිගණකය භාවිතයෙන් අකුරු ලියන්නටත් චිත්‍ර අදින්නටත් උපකාරයක් වන්නටය. "මේ මොන මගුලක් ද?" යි, ඔබ දැන් සිතනවාට සැක නැත. මක්නිසාද යත් ඔබ සියලු දෙන ඒ ගැන හොදාකාරවම දන්නා බැවිනි. මොහොතක් ඉවසන්න. මා මේ කියන්නට සැරසෙන්නේ යතුරුපුවරුව භාවිතයෙන් අකුරු ලියන්නටවත් මූසිකය (මවුසය) භාවිතයෙන් චිත්‍ර අඳින්නටවත් නොවේ.

ප්‍රථමයෙන් කිව යුත්තේ මා කලාකරුවෙකු නොවන බවයි. මේ සරල රූපයෙන් මා පෙන්වන්නට උත්සාහ කරන්නේ මා ඉහත සඳහන් කළ දෙයයි. මෙම චිත්‍ර අඳින්නටත් අකුරු ලියන්නටත් මා භාවිතා කර ඇත්තේ බොහෝ කලාකරුවන් අතර ප්‍රසිද්‍ධ නමක් වන "Wacom" නම් ආයතනය විසින් නිෂ්පාදිත "Bamboo Fun" යන උපකරණයයි. මෙහි සරල සැකැස්ම අපගේ පැරණි ගල් ලෑල්ලකට සමානය. ගල් කූර හා සැසඳිය හැකි පෑනකට සමාන උපකරණයක්ද එයට අයත් වේ.
මෙය භාවිතා කරමින් නිර්මාණශීලි කලාකරුවෙකුට පරිගණකයේ මැවිය හැකි දේ අනන්ත අප්‍රමාණ හා ඉතා සිත් ගන්නා සුළු වනු ඇත.
"වැකොම් බැම්බූ ෆන්"