Saturday, September 26, 2009

ඔපෙරා බ්‍රව්සරයෙන් සිංහල කියවන හැටි

හැමෝම දකින්න ඇතිනේ මම කලින් ලියලා තිබුණා ඔපෙරා බ්‍රවුසරයේ 5 වන සංස්කරණය ගැන. ඒකෙදි මම පෙන්වලා තිබුණා ඒ මොබයිල් බ්‍රවුසර් එකෙන් සිංහල කියවන්න පුළුවන් කියන එක. අද මම කියන්න යන්නේ ඒක කරන්නේ කොහොමද කියන එක. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. වැඩේට යන්නේ නෑ විනාඩියක්. ඇත්තටම මට මේක ගැන කිව්වේ මගේ මිත්‍රයෙක්. ඒක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා ලියන්න හිතුවා. බ්‍රවුසරය සිංහල කියවන්න පුළුවන් විදියට හැදුවේ නැත්තම් සිංහල පේන්නේ මෙන්න මෙහෙම.

වැඩේ සරලව මෙහෙමයි:

බ්‍රවුසරය විවෘත කර ලිපින තීරයේ (Address Bar) "config:" (පෙරළි කොමා විරහිතව) ලෙස ලියා "Go" බොත්තම ඔබන්න.


දැන් ලැබෙන තිරයේ පහළටම ගිය විට "Use bitmap fonts for complex scripts" යනුවෙන් පරාමිතියක් (Parameter) ඇත.


එය ක්ලික් කර එහි ඇති "No" වෙනුවට "Yes" කියා ලබා දෙන්න.

දැන් "Save" බොත්තම ඔබා ඔබගේ සැකසුම තහවුරු කරන්න.

ඔන්න වැඩේ හරි. දැන් තියෙන්නේ ඉතිං වැඩද කියලා බලන එක තමයි. මේ තියෙන්නේ මගේ බ්‍රවුසරයේ කලින් කොටු කොටු තිබුණ සටහන.

 
එහෙනම් ඔයාලත් කරලා බලලා කියන්නකො වැඩේ කොහොමද කියලා.

4 comments:

The Pathfinder said...

awesome. thanks macho, had no way to read sinhala blogs from mobile.

NUWAN said...

නියමයි වෑඩේ.මමත් හදා ගත්තා ඔන්න

Akhom said...

Nice theme, I love it.

also nice posts too....

MAchan1948 said...

යාලුවා ඔය මාතෘකාව වැරදීමක් තියෙයි.ඕක ඔපෙරා වලට හරියන්නෙ නෑ .ඔපෙරාමිනි වලට විතරයි .ඔපෙරා සහ ඔපෙරාමිනි කියන්නෙ බ්‍රවුසර් 2ක්.ඒක නිවරදි කරන්න.

Post a Comment