Thursday, September 17, 2009

හිම දිවියා නොහොත් Snow Leopard

සිරස්තලය දැක්ක ගමන් නම් හිතෙන්නේ මම මේ සතෙක් ගැන කථා කරන්න යනවා කියලා නේද? හැබැයි මෙහෙයුම් පද්ධති ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් නම් දන්නවා මම මේ මොකක්ද කියන්න යන්නේ කියලා. ඒ මොකද ඒ නම මේ දවස්වල සෑහෙන කියවෙන එකක් නිසා.
ඇපල් සමාගම ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒක කිව්ව ගමන් කාටත් එකපාරටම මතක් වෙන්නේ ඇපල් අයිෆෝන් එක. අන්න එතකොට නම් මතක් වුනා නේද මේ දිවියා ගැන? ඒත් නැද්ද? හරි හරි එහෙනම් මම ම කියන්නම්කෝ. ඔයාලා හැමෝම දන්නවනේ ඇපල් සමාගමේ සුප්‍රසිද්ධ මැක් පරිගණක (Mac Computers) ගැන. අන්න ඒ පරිගණක වලට ඇවිත් තිබුන මැක් ඕඑස් එක්ස් (Mac OS X) කියන මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය (10.6) තමයි මේ "හිම දිවියා" නැත්නම් "Snow Leopard" කියලා කියන්නේ. මේ තියෙන්නේ පරණ මැක් ඕඑස් එක්ස් සංස්කරණයක තිර රූපයක්.

සංස්කරණය 10.5 "දිවියා" නොහොත් "Leopard"
මෙම "Snow Leopard" මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙලා තියෙන්නේ 2009 අගොස්තු 28 දිනයේ. ඇත්තෙන්ම මෙය Mac OS X මෙහෙයුම් පද්ධති වල 7 වන ප්‍රධාන නිකුත් කිරීමයි. මේකේ ප්‍රධාන වෙනස්කම් තමයි.
  1. නව පෙනුම.
  2. ස්ථාපනයේ, පණ ගැන්වීමේ සහ නිවා දැමීමේ වේගයත් භාවය.
  3. අඩු ඉඩ ප්‍රමාණය (මෙය Leopard පද්ධතියට වඩා 7GB ප්‍රමාණයකින් අඩු බවයි පැවසෙන්නේ)
  4. නව ආරකට වීන අකුරු ලිවීමේ ක්‍රමය. ට්‍රැක්පෑඩ් එක මත කෙලින්ම අකුර ලියන්න පුළුවන්. චීන වගේ භාෂාවකට එහෙම ක්‍රමයක් නැති වුනාම තියන අමාරුව ඉතින් කියන්න අවශ්‍ය නැහැනේ.


  5. 64bit තාක්ෂණය
මෙවැනි තවත් නව වෙනස්කම් බොහොමයක් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ අලෙවිය දැනටමත් කලින් පද්ධතියේ (Leopard) අලෙවිය මෙන් දෙගුණයක් සහ ඊටත් කලින් පද්ධතියේ (Tiger) අලෙවිය මෙන් හතර ගුණයක් බව තමයි පැවසෙන්නේ.
ඉතින් මෙම පද්ධතියේ මිල තමයි $29. හරි ලාභයි වගේ නේද අනෙකුත් පද්ධති එක්ක සලකද්දි? මේ මිලට ඔබට ලැබෙන්නේ ඔබ කලින් පද්ධතියකින් උසස් වීමක් ලබා දෙනවා නම් විතරයි. ඒක තමයි සාපේක්ෂව මේ ගාන අඩු. මොකද මේ පද්ධති වැඩ කරන්නේ විශේෂ ඇපල් දෘඩාංග මත. ඒක නිසා කෙනෙක් ලඟ දැනට තියන අයිබීඑම් අනුකූල (IBM Compatible) පරිගණක වල ක්‍රියාත්මක කරන්න බැහැ (නීත්‍යානුකූල ලෙස ස්ථාපනය කරන්නේ නම්). ඉතින් ඔබට අලුත් ඇපල් පරිගණකයක් ගැනීමට සිද්ධවෙනවා දැනට ඔබ ලඟ එකක් නැත්නම්.

කෙසේ වෙතත් ඇපල් මැක් පද්ධති පදනම් වෙලා තියෙන්නේ යුනික්ස් (UNIX) සහ බීඑස්ඩී (BSD) කියන පද්ධති (ලිනක්ස් වල පදනමත් යුනික්ස්) මත නිසා වින්ඩෝස් වලට වඩා නම් ගොඩාක් ඉදිරියෙන් තියනවා කියන එකට සැකයක් නැහැ. ඒ වගේම ආකර්ෂණීය දෘඩාංගත් ඇපල් සඳහා පවතිනවා. ප්‍රධානම එක තමයි ලැප්ටොප් පරිගණක වල තියන ට්‍රැක් පෑඩ් එක. ඒක අනෙක් සාමාන්‍ය ට්‍රැක් පෑඩ් වලට වඩා තරමක් විශාලයි. බහු-ස්පර්ශ සංවේදීතාවය (Multi-touch) තමයි වඩාත් ලගන්නා අංගය. එහිදී ඔබට රූපයක් කැරකැවීම, හැරවීම, විශාල කිරීම වගේ දෙවල් ඇඟිලි දෙකක් උපයෝගී කරගෙන කරන්න පුළුවන්. පහළ තියන වීඩියෝවේ තියෙන්නේ ඒ ගැන නිරූපණයක් (Demonstration).



ඉතින් මේ ආකාරයට විස්තර කියන්න ගියොත් නම් කෙලවරක් නැති දෙවල් හිතට එනවා. ඔයාලම ගිහිල්ලා බලන්නකෝ ඇපල් වෙබ් අඩවියට තව අලුත් දෙවල් මොනවද තියෙන්නේ කියලා.
වෙබ් අඩවිය

5 comments:

කාලිංග said...

පොඩි විවැරදි කිරීමක්, Upgrade එකේ මිල ඇ.ඩො. 29, 39 යක් නොවෙයි. අනික ඇපල් MAC Intel 100% IBM compatible hardware තමයි, එකම වෙනස MAC OS එකක් install කරනකොට ඒක මගින් hardware එක නැතිනම් apple branded ද කියලා බලන එක තමයි වෙන්නෙ. ඕනේ නම් IBM PC එකක් උවද පොඩි හැක් එකක් මගින් MAC OS දාන්න පුලුවන්. මේවාට කියන්නේ හැකින්ටොෂ් කියලා.

Prabath Chaminda said...

ලොකු විෂුවල් වෙනසක් නම් නෑ. ඒත් Grand Dispatch Central කියල වටින Utility එකක් තියෙනව. මේක 10.5 Leopard වලට වඩා ලේසියෙන් Hackintosh වල දාන්න පුලුවන්.

Kasun (කසුන්) said...

@කාලිංග ස්තුතියි වැරදි පෙන්වීම ගැන. $39 ලෙස සඳහන් වීම පොඩි අතපසු වීමක්. මම නිවැරදි කලා ඒක ලිපියේම $29 ලෙස.
අනික් කාරණය, ඇත්තටම මට අවශ්‍ය වුනේ පද්ධතිය නීත්‍යානුකූල ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඇපල් පරිගණක මත පමණක් කියන්න. ඒ වුනත් ඒ අදහස කෙනෙකුට වෙනස් විදියට තේරෙන්න පුළුවන්. ඔබගේ කථාව නිවැරදියි. හැක් කිරීමකින් මෙය IBM Compatible පරිගණක වලද ස්ථාපනය කළ හැකියි. මගේ ලිපිවල තියන ලිනක්ස් වල සිංහල රෙන්ඩර් වෙන හැටි ලිපියේ මැක් වල රූපය අරන් තියෙන්නේ එහෙම හැක් කරපු සංස්කරණයක් වන iAtkos Mac OS X පද්ධතිය ආධාරයෙන්.
නැවතත් ස්තුතියි ඔබට.

@Prabath විෂුවල් වෙනසක් නෑ වගේ තමයි බැලූ බැල්මට screenshots වල නම් පේන්නේ. අර කිව්වත් වගේ Grand Dispath Cetral එක වටින Utility එකක් බව තමයි කියවෙන්නේ. ස්තුතියි. :)

Grey said...

I never used mac OS before. But this week I got a chance to use snow leopard. Frankly I'm amazed.
Windows kele.

Kasun (කසුන්) said...

I'm now on Mac OS X Leopard (again).

@garuka Windows nam kele thama :)

This is as I said earlier, a hacked version of the system called iAtkos, running on Lenovo 3000 N200. Works almost all the things out of the box. My next laptop would be probably a Mac. But it would be like after 2/3 years.. :D

-cheers-
PS: I wrote this in English because I still was unable to figure out how to write sinhala in Mac. There is no unicode software for free for Mac (Still). Does anyone of you know such a package? I really like to type directly on the place I want. I mean that I really don't like to type somewhere else and then copy and paste it. In that case I love Linux.(didn't mean that Win doesn't have that. But Sinhala rendering in Window$ sucks.)

Post a Comment