Saturday, August 22, 2009

ලිනක්ස් වල සිංහල රෙන්ඩර් වෙන හැටි

සිංහල යුනිකෝඩ් කියන එක දැන් කාටවත් අලුත් දෙයක් නෙවෙයිනේ. මේක බලනවා කියන්නේ ඉතිං දැනටමත් සිංහල යුනිකෝඩ් දාගෙන කියන එක :)

ඉතිං මම මෙතන කියන්න යන්නේ යුනිකෝඩ් දාන විදිය ගැන නෙවෙයි කියලා පැහැදිලියිනේ. එහෙනම් මොකක්ද කියන්න යන්නේ?

ඔය යුනිකෝඩ් අපි පරිගණකයේ ස්ථාපනය කරාම මෙහෙයුම් පද්ධතියෙන්නේ අපිට අකුරු පෙන්වන්නේ. ඒකට එක එක මෙහෙයුම් පද්ධතියේ තියන යාන්ත්‍රණ වෙනස්. මේ ක්‍රියාවලියට කියන්නේ "Text Rendering" (ටෙක්ස්ට් රෙන්ඩරින්) කියලා. උදාහරණයක් විදියට වින්ඩෝස් වල "Uniscribe" (යුනිස්ක්‍රයිබ්), ලිනක්ස් වල "Pango" (පැන්ගෝ) සහ මැක් වල "ATSUI" (අට්සුයි) සහ "Core Text" (කෝ ටෙක්ස්ට්) කියන යාන්ත්‍රණ එහෙමත් නැත්තම් "Text Rendering Machines" භාවිතා කරනවා.

මෙම යාන්ත්‍රණ අතුරින් ලිනක්ස් වල සිංහල ටෙක්ස්ට් රෙන්ඩරින් අනෙක් හැම මෙහෙයුම් පද්ධතියකටම (ඉහත සඳහන්) වඩා ඉතාමත් ඉහළින් තියනවා කියලා කියන්න පුළුවන්.

එහෙම කියන්නේ කොහොමද කියන එක ලිනක්ස් භාවිතා නොකරන කෙනෙකුට දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වගේම මාත් එක්ක අමනාපයක් ඇති වෙන්නත් පුළුවන්නේ. මෙන්න ඒකට සාක්ෂී. මම හරිද වැරදිද කියන එක ඔයාලම තීරණය කරන්නකෝ.

මේ තියෙන්නේ මගේ පරණ බ්ලොග් පොස්ට් එකක් එක එක මෙහෙයුම් පද්ධතියෙදි ගත්ත ස්නැප් ෂොට්ස්

ලිනක්ස් මින්ට් (Linux Mint) වල

ඇපල් මැක් ඕ.එස් එක්ස් (Apple Mac OS X) වල

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් (Microsoft Windows) වල

1 comment:

Akhila said...

ඒක නම් සහතික ඇත්ත, pango එහෙම windows ඇතුලේ දාන්න පුළුවනිද?

Post a Comment