Thursday, August 6, 2009

ලිනක්ස් සහ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

වින්ඩෝස්, වින්ඩෝස්, වින්ඩෝස්... කොහේ බැලුවත් වින්ඩෝස්...
කවුද කියන්නේ? මොන පිස්සුද... වින්ඩෝස් වල කාලේ ඉවර වේගෙනයි එන්නේ...
මොනවද මේ බහුබූත?

ඇත්තෙන්ම වින්ඩෝස් ලොව ඇති එකම සහ හොඳම "Operating System" ("මෙහෙයුම් පද්ධතිය") එක කියා වැළඳ ගත් අයෙකුට නම් මේ ඉහත වැකි හිස් වචන පමණක්ම වනු ඇත. නමුත් ලිනක්ස් භාවිතා කරනා හෝ ඒ ගැන දන්නා අයෙකුට මෙය සත්‍යයකි. වින්ඩෝස් වල කාලය අවසන් වීම කෙසේ වෙතත් කොහේ බැලුවත් වින්ඩෝස් ද යන්න නම් මේ වනවිට සැලකිය යුතුම ප්‍රශ්නයකි.

වින්ඩෝස් යනු ඔබ අප කවුරුත් දන්නා Micro$oft ආයතනය මගින් නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. මෙහි නීත්‍යානුකූල භාවිතය සඳහා මුදල් ගෙවා ලබා ගත යුතු අතර එක් පිටපතක් බොහෝ විට භාවිතා කළ හැක්කේ එක් පරිගණකයක් මත පමණි. තවද අද බෙහෝ දෙනා ඉතා බහුලව භාවිතා කරන Micro$oft Office (Word, PowerPoint, Excel ඇතුළත් පැකේජය), Adobe Photoshop, Ahead Nero, යනාදී සියලු මෘදුකාංගයන් ද භාවිතා කල හැක්කේ මිළ දී ගෙන පමණි (නීත්‍යානුකූලව). නමුත් මෙම මෘදුකාංග ඉතා මිල අධික ඒවා වෙයි. උදාහරණයක් ලෙස මයික්‍රොසොෆ්ට් ඔෆිස් සැලකුව හොත් බොහෝ දෙනා භාවිතා කරන ඔෆිස් පොෆෙෂනල් 2007 සංස්කරණයෙහි මිල රු. 35,000/- ත් රු. 50,000/- ත් අතර වෙයි. එනම් ඔබ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් නීත්‍යානුකූල ලෙස භාවිතා කරන්නේ නම් මෘදුකාංග සඳහා පමණක් ඔබ රු. 100,000/- කට වඩා වියදම් කළ යුතු වෙයි. එසේ වූ නමුදු ඔබ අප කවුරුත් දන්නා පරිදි බොහෝ දෙනා භාවිතා කරන්නේ "Pirated Softwares" නොඑසේ නම් "නීති විරෝධී මෘදුකාංග" යන්ය (ඔබ ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් බොහෝ විට නීත්‍යානුකූල වින්ඩෝස් පිටපතක් ඒ සමඟ ලැබේ).

"ඉතින් මොකද වෙන්නේ? අපි ගන්නේ තියන නිසානේ. අනික අපි මේක පාවිච්චි කරනවා කියලා බිල් ගේට්ස් (මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ) දැනගන්නද? අපිට දඩ ගහන්නද?"

මේ ආකාරයට තමයි මේ පිළිබඳව විස්තර කරන විට බොහෝ දෙනාගේ මතය වන්නේ. බිල් ගේට්ස්ගේ දැනගැනීම කෙසේ වෙතත් දැන ගත්තොත් දඩ ගැසීම නම් ඔහුට කළ හැකි දෙයකි. මකිනිසාද යත් වින්ඩෝස් ස්ථාපනය කරනා විට ඔබ එකඟ වන "End User Licence Agreement" නොහොත් EULA හි එකඟතාවන් ඔබ කඩ කර ඇති බැවිනි.

(ඉතිරිය පසුවට... එතෙක්, ලිනක්ස් ඩෙස්ක්ටොප් එකෙහි ඡායාරූප කිහිපයක්)



1 comment:

Unknown said...

කාලෙකින් තමයි මෙතන බ්ලොග් ලිපියක් දැක්කේ. :)

මගෙත් Fedora 11 screenshots වගයක් තියනවා, ලිනක්ස් ලස්සන නැහැ කියන අයට පෙන්නන්න. ;)

බාගයක් ලිවුවනම් දැන් ඉතුරු ටිකත් ලියන්න.

Post a Comment