
ඩෙස්ක්ටොප් පරිගණකයක් වගේ නෙවෙයි ලැප්ටොප් පරිගණකයක් ගලවනකොට හරිම පරිස්සම් වෙන්න ඕන මොකද පොඩි වැරදීමකින් හරි කොටසකට පලුද්දක් වුනොත් මුළු මවු පුවරුවම අපතේ ගියා වෙන්න පුළුවන්. ඒකට හේතුව බොහෝ දුරට හැම දේම මවු පුවරුවටම සංයුක්ත කරලා ලැප්ටොප් පරිගණක හදන නිසා (හැබැයි මෙතනදි අපිට රැම් කාඩ් සහ හාඩ් ඩිස්කය අයින් කරන්න පුළුවන් වෙනම). මෙහෙම සංයුක්ත කරලා හදන්න හේතුව තමයි ඉඩ ඉතුරු කර ගැනීම. අර කලින් කිව්ව රැම් සහ හාඩ් ඩිස්කය ගලවන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ කෙනෙකුට "Upgrade" කිරීමක් අවශ්‍යයි කියලා හිතුනොත් පහසු වෙන්න.
කොහොමින් කොහොම හරි දැන් ඔක්කොම ගැලෙව්වා. දූවිල්ල හෝ ගාලා. මෙහෙ ඉතිං ස්විස් වගේ නෙවෙයිනේ.

මවු පුවරුව අරගෙන හොඳට සුද්ධ පවිත්‍ර කළා. ඉතින් කරලා ඕක ටිකක් අතේ තියාගෙන ඉන්නකොට හිතුණා පින්තූරයක් අරගෙන බ්ලොග් එකට දැම්මනම් මොකද කියලා. ඉතින් ඔන්න ඒ පින්තූර ටික.
1 comment:
ඉතින් දූවිල්ලද හේතුව? මගෙ PC එකේ තියෙන දූවිල්ල ප්‍රමාණෙ දැක්කොත් නම් ඔනෙ කෙනෙක් කලන්තෙ දායි. :D
ඒක අවුරුද්දකින් දෙකකින් සුද්ද කරල නෑ. මෙ දවස් වල ගෙදර නිසා දවසට පැය 15 ගානෙ වගේ දාල. ;)
AMD නිසා ටිකක් heat රස්නෙට ඔරොත්තු දෙනවනෙ.
Post a Comment