ස්විස් වටවී ඇත්තේ බටහිර යුරෝපයේ ප්‍රසිද්ධ රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ඉතාලිය යන රටවල් හතරෙනි. පෙනෙන අන්දමින් නම් ස්විට්සර්ලනතයටම උරුම වූ භාෂාවක් නැතිවා වගෙයි. මොකද මෙහි ප්‍රධාන එහෙමත් නැත්තම් රාජකාරී භාෂාවන් විදියට සැලකෙන්නේ ජර්මන් බස, ප්‍රංශ බස, ඉතාලි බස සහ රුමේනියානු බසත්ය. භාෂා වල නම් ඒ ආකාරයෙන් වුවන් ඇත්තෙන්ම ස්විට්සර්ලන්තයේ භාවිතා වන්නේ එම භාෂාවන්හි උප භාෂාවන්ය. ඉංග්‍රීසියෙන් එය "dialect" කියා හඳුනවයි.
ස්විට්සර්ලන්තය කියූ පමණින් කෙනෙකුට සිතට එන්නේ චොකලට් සහ ඔරලෝසු. ඒ තරම් ම ඒවායේ ප්‍රමිතිය ඉහළ බැවිනි. ප්‍රමිතිය මෙන්ම මිල ගණන්ද ඉහළ බව දැන ගන්නට සහ විඳින්නට ඒ රටටම යා යුතු යැයි තමා මගේ හැඟීම. අත් ඔරලෝසු ගැන කථා කළහොත්, රු. 10,000 සිට රු. ලක්ෂ 30-40 දක්වා වූ විශාල පරාසයක අත් ඔරලෝසු ස්විට්සර්ලන්තයේදී ඔබට දැක ගන්නට පුළුවන්. විවිධ වූ අත් ඔරලෝසු වර්ග ස්‍විට්සර්ලන්තයේ නිපදවනු ලැබෙයි. රොලෙක්ස්, රාඩෝ, චොපාර්ඩ්, කැල්වින් ක්ලේන්ල ස්විස් මිලිටරි, ස්වොච් වැනි අනර්ඝ නාමයන් සහිත අත් ඔරලෝසු ස්විස් අත් ඔරලෝසු සාප්පුවන්හි සුලභව දැක ගත හැකිය. පහත රූප පෙලෙහි විවිධ මිල ගණන් වල ස්විස් අත් ඔරලෝසු ඔබට දැකිය හැකිය. ඒවායෙහි මිල ගණන් ඇත්තේ ස්විස් ෆෑන්ක් වලිනි. එම මිල 107න් (2009 අගෝස්තු 31 වන දින විනිමය අනුපාත අනුව) ගුණ කල විට රුපියල් වලින් මිල ලැබෙනු ඇත.