Showing posts with label ස්විට්සර්ලන්තය. Show all posts
Showing posts with label ස්විට්සර්ලන්තය. Show all posts

Sunday, August 30, 2009

ස්විට්සර්ලන්තය සහ අත් ඔරලෝසු

ස්විස් කියන්නේ යුරෝපයේ සුප්‍රසිද්ධ, ස්විට්සර්ලන්තය කියන ලස්සන කුඩා රටට ලැබිලා තියෙන කෙටි නම. ස්විට්සර්ලන්තය ලංකාවටත් වඩා කුඩා රටක් කියන එක සමහර විට ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන්. එහි වර්ග ප්‍රමාණය ප්‍රමාණාත්මකව කිව්වොත් වර්ග කිලෝමීටර 41,290 කින් සමන්විත බිම් කඩකි. ලංකාවෙහි එම ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610 කි. එනම් ලංකාව ස්විට්සර්ලන්තයට වඩා වර්ග කිලෝමීටර 24,320 ක් විශාල වෙයි.

ස්විස් වටවී ඇත්තේ බටහිර යුරෝපයේ ප්‍රසිද්ධ රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ඉතාලිය යන රටවල් හතරෙනි. පෙනෙන අන්දමින් නම් ස්විට්සර්ලනතයටම උරුම වූ භාෂාවක් නැතිවා ‍වගෙයි. මොකද මෙහි ප්‍රධාන එහෙමත් නැත්තම් රාජකාරී භාෂාවන් විදියට සැලකෙන්නේ ජර්මන් බස, ප්‍රංශ බස, ඉතාලි බස සහ රුමේනියානු බසත්ය. භාෂා වල නම් ඒ ආකාරයෙන් වුවන් ඇත්තෙන්ම ස්විට්සර්ලන්තයේ භාවිතා වන්නේ එම භාෂාවන්හි උප භාෂාවන්ය. ඉංග්‍රීසියෙන් එය "dialect" කියා හඳුනවයි.

ස්විට්සර්ලන්තය කියූ පමණින් කෙනෙකුට සිතට එන්නේ චොකලට් සහ ඔරලෝසු. ඒ තරම් ම ඒවායේ ප්‍රමිතිය ඉහළ බැවිනි. ප්‍රමිතිය මෙන්ම මිල ගණන්ද ඉහළ බව දැන ගන්නට සහ විඳින්නට ඒ රටටම යා යුතු යැයි තමා මගේ හැඟීම. අත් ඔරලෝසු ගැන කථා කළහොත්, රු. 10,000 සිට රු. ලක්ෂ 30-40 දක්වා වූ විශාල පරාසයක අත් ඔරලෝසු ස්විට්සර්ලන්තයේදී ඔබට දැක ගන්නට පුළුවන්. විවිධ වූ අත් ඔරලෝසු වර්ග ස්‍විට්සර්ලන්තයේ නිපදවනු ලැබෙයි. ‍රොලෙක්ස්, රාඩෝ, චොපාර්ඩ්, කැල්වින් ක්ලේන්ල ස්විස් මිලිටරි, ස්වොච් වැනි අනර්ඝ නාමයන් සහිත අත් ඔරලෝසු ස්විස් අත් ඔරලෝසු සාප්පුවන්හි සුලභව දැක ගත හැකිය. පහත රූප පෙලෙහි විවිධ මිල ගණන් වල ස්විස් අත් ඔරලෝසු ඔබට දැකිය හැකිය. ඒවායෙහි මිල ගණන් ඇත්තේ ස්විස් ෆෑන්ක් වලිනි. එම මිල 107න් (2009 අගෝස්තු 31 වන දින විනිමය අනුපාත අනුව) ගුණ කල විට රුපියල් වලින් මිල ලැබෙනු ඇත.




Saturday, February 28, 2009

න්‍යෂ්ටික විදුලි බලාගාරය

වලාකුළු සේ දසත විහිදෙන මෙම මහා ජල වාෂ්ප කඳ අහස පුරා පැතරෙන්නේ අලංකාර දසුනක් ලෙසය. අහිතකර වායූන් පිමවීමක් මෙහිදී සිදු නොවන බැවින් වඩාත් පරිසර හිතකාමී ලෙස විදුලි බලය නිපදවීමේ ක්‍රමය ලෙස මෙම බලාගාර බලධාරීන් පවසන්නේ ඉතාමත් සරල ලෙසය.

නමුත්, මෙහි කෙනෙතු නොදකිනා තවත් පැත්තක් වෙයි.


"Kernkraftwerk Leibstadt" ලෙස හැඳින්වෙන මෙම බලාගාරය ස්විට්සර්ලන්තයේ උතුරු ජර්මන්-ස්විස් දේශ සීමාව ඉතා ආසන්නයේ පිහිටා ඇත.
කර්න්ක්‍රාෆ්ට්වර්ක් ලීබ්ස්ටාඩ්ට් න්‍යෂ්ටික විදුලි බලාගාරය

Sunday, February 22, 2009

ආරක්ෂිත බිම් ගෙවල්

වරෙක මුළු ලොවම කම්පා කළ හිට්ලර් නම් අධිරාජ්‍යවාදී හිතැති පුද්ගලයා බිහි වූ ජර්මනියට යාබද එක් රටකි, ස්විට්සර්ලන්තය. එමෙන්ම එය මෙතෙක් කිසිදු රාජ්‍යයක් විසින් යටත් කර නොගත් කිසිදු පහරදීමකට ලක්නොවූත් රටකි. මෙනිසා ස්විස් වැසියන් එක්තරා මානයකින් යුතු පිරිසකැයි කීවාට වරදකුත් නැත. සමහර විටෙක දුක්මුසු අතීතයක් ජර්මනියට හිමි කළ හිට්ලර්ගේ වදන් පවා පිටරැටියන්ට එරෙහිව ඔවුන්ගේ මුවින් පිට වන්නේ ජර්මන් ජාතිකයන් පවා එයට වෛර කරන විටකය.

කෙසේ වුවද තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතහොත් හොඳ යයි සිතූ අතීත ස්විස් ජාතිකයන් ගොඩනැගිලි ඉදිකිරීමේදී එක්තරා නීතියක් පනවා තිබේ. එනම්, සෑම ගොඩනැගිල්ලකම අනිවාර්ය බිම් මහලක් තිබිය යුතු වීමයි. මෙහි දැක්වෙන්නේ එසේ තැනූ බිම් මහලක කොටසක දසුන් කිහිපයකි. ඒ හදිසි පහරදීමකදී තාවකාලිකව සැඟවී සිටිය හැකි ස්ථානයකි.


බිම් මහලේ එක් කොටසකට ඇතුළු වන අඩි බාගයක් පමණ පළලැති යකඩ රාමුවක් සහිත කොන්ක්‍රීට් දොර.

මෙහි බිත්තියක් අඩියකටත් වඩා පළලට තනා ඇති අතර හදිසි අවස්ථාවක් වුවහොත් මෙම ස්ථානයෙන් ඉවත් වීමට උමං මාර්ගයක් පවා තිබී ඇත.






වෙනත් ස්ථානයක් හා සම්බන්ධ වන උමං මග.

බිම් මහල් දුම්රියපල



ස්විට්සර්ලන්තයේ ඉතාමත් කුඩා බිම් මහල් දුම්රියපලක දර්ශනයකි මේ. එක් සුවිශේෂී දෙයක් නම්, මෙයට ඉහලින් රථ ගණනාවක් නවත්වා තැබිය හැකි ප්‍රදේශයක් තිබීමයි. දුම්රියෙන් බසින මගීන්ට බිම් මහලෙන් ඉහලට ආ විට තමන්ට අවශ්‍ය ප්‍රදේශයට යාමට අවශ්‍ය බසයක් හෝ ට්‍රෑම් රථයක් එම ස්ථානයෙන් ලබා ගත හැකිය. මෙනිසා ඉතා ශක්තිමත් ලෙස මෙම පහත මාලය තනා තිබිය යුතුය. ඇත්තෙන්ම අගනා ඉංජිනේරු නිපැයුමකි.

Monday, February 16, 2009

ස්විට්සර්ලන්තයේ ගම්මානයක්

ගමක්... මේ වචනය ඇසුනු පමණින් ශ්‍රී ලාංකිකයකුට නම් මනසට නැගෙන්නේ මනරම් පරිසරයකි. ගහ කොළ වලින් පිරි කුරුළු නාද වලින් කන පිනවන තැන තැන නැගුනු සුන්දර කුඩා නිවහන් වලින් සමන්විත පෙදෙසකි. යුරෝපියයකුට නම් මෙය ගමක් නොව පාරාදීසයකි. වරෙක ලාංකීය ස්වභාව සෞන්දර්යය පිරි දසුන් කිහිපයක් යුරෝපියයකුට පෙන්වූ විට ඔහුගේ මුවින් නික්මුනේ, "ඕහ්, මේක පාරාදීසයක් වගෙයිනේ" යන වදන්ය. එම වදන් ඔහුගේ මුවින් පිටවීම අරුමයක් නොවන බව මේ විඩියෝ දර්ශනය නැරඹූ විට ඔබටද වැටහෙනු ඇත.

අපිට නම් අපේ දේ අගේ නැත.



මෙය ස්විට්සර්ලන්තයේ සූරික් නම් කලාපයෙහි පිහිටි ඩියුබන්ඩෝෆ් නමැති ගමක මාර්ගයක දෙපස දසුනකි. මෙය ජර්මන් බස භාවිතා වන පෙදෙසකි. ජර්මන් බසින් "ඩෝෆ්" යන්නෙන් අදහස් වන්නේ "ගම" යන්නයි. එනම් ඩියුබන් නමැති ගම. නමුත් ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත් ම කුඩා නගරයක් කිව්වාට වරදකුත් නැත. නමුත් අනෙකුත් නගර හා සසඳන විට ඇත්තෙන්ම මෙය ගමක් ලෙස හැඳින්වීම නිවැරදිය.