Showing posts with label Nokia 5800 XpressMusic. Show all posts
Showing posts with label Nokia 5800 XpressMusic. Show all posts

Saturday, September 26, 2009

ඔපෙරා බ්‍රව්සරයෙන් සිංහල කියවන හැටි

හැමෝම දකින්න ඇතිනේ මම කලින් ලියලා තිබුණා ඔපෙරා බ්‍රවුසරයේ 5 වන සංස්කරණය ගැන. ඒකෙදි මම පෙන්වලා තිබුණා ඒ මොබයිල් බ්‍රවුසර් එකෙන් සිංහල කියවන්න පුළුවන් කියන එක. අද මම කියන්න යන්නේ ඒක කරන්නේ කොහොමද කියන එක. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. වැඩේට යන්නේ නෑ විනාඩියක්. ඇත්තටම මට මේක ගැන කිව්වේ මගේ මිත්‍රයෙක්. ඒක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා ලියන්න හිතුවා. බ්‍රවුසරය සිංහල කියවන්න පුළුවන් විදියට හැදුවේ නැත්තම් සිංහල පේන්නේ මෙන්න මෙහෙම.

වැඩේ සරලව මෙහෙමයි:

බ්‍රවුසරය විවෘත කර ලිපින තීරයේ (Address Bar) "config:" (පෙරළි කොමා විරහිතව) ලෙස ලියා "Go" බොත්තම ඔබන්න.


දැන් ලැබෙන තිරයේ පහළටම ගිය විට "Use bitmap fonts for complex scripts" යනුවෙන් පරාමිතියක් (Parameter) ඇත.


එය ක්ලික් කර එහි ඇති "No" වෙනුවට "Yes" කියා ලබා දෙන්න.

දැන් "Save" බොත්තම ඔබා ඔබගේ සැකසුම තහවුරු කරන්න.

ඔන්න වැඩේ හරි. දැන් තියෙන්නේ ඉතිං වැඩද කියලා බලන එක තමයි. මේ තියෙන්නේ මගේ බ්‍රවුසරයේ කලින් කොටු කොටු තිබුණ සටහන.

 
එහෙනම් ඔයාලත් කරලා බලලා කියන්නකො වැඩේ කොහොමද කියලා.

Wednesday, September 16, 2009

ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය 5 වන සංස්කරණය (Operan Mini Mobile Browser V5)

ඔපෙරා මිනි මොබයිල් බ්‍රවුසරය ගැන නම් ඉතිං මම අමුතුවන්ම කට්ටියට කියන්න ඕන නැහැනේ. මොකද ඒ තරම්ම මේ බ්‍රවුසරය ජංගම දුරකථන ඇතුළු අනෙකුත් ජංගම උපාංග (PDA වගේ උපාංග) භාවිතා කරන්නන් අතර සෑහෙන ජනප්‍රිය නිසා. මේකට ප්‍රධාන හේතු තමයි,
  1. ජාවා මත පදනම් වීම - මේක නිසා ගොඩාක් උපාංග මත ක්‍රියාත්මක වෙනවා.
  2. පහසු අතුරු මුහුණත (interface) - බ්‍රවුස් කරන්න ගොඩාක් පහසු විදියට සකසලා තියෙනවා.
ඉතිං මේක නිසා ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ උපකරණයට ආපු ප්‍රධාන බ්‍රවුසරයටත් වඩා මේ ඔපෙරා එක භාවිතා කරන්න.
මම ඇත්තේන්ම කියන්න සැරසුනේ මේ කියන සුප්‍රකට බ්‍රවුසර නිර්මාතෘ වරුත් තවත් අලුත් සංස්කරණයක් ඉදිරිපත් කරලා තියනවා සංස්කරණය 5 ලෙසින්. දැනෙට මේකට ලැබිලා තියන ප්‍රතිචාර නම් ඉතාමත් හොඳයිලු. දැනට තියෙන්නේ බීටා සංස්කරණයක්. ඒ කියන්නේ පරීක්ෂණ අවසන් අදියරේ. කොහොමහරි ප්‍රවෘත්තිය අහපු ගමන් මම නම් දෙපාරක් හිතුවේ නෑ ස්ථාපනය කරා මගේ ජංගම දුරකථනයේ. මොකද මේ වෙනකොටත් මම ඔපෙරා 4.2 සංස්කරණය භාවිතා කර කර හිටියේ.
ෂහ්!!! බලාපොරොත්තුවෙන් හිටපු ගොඩාක් අංග එකතු වෙලා. එක් ප්‍රධාන එකක් තමයි "tab browsing". හරියට පරිගණකයේ ගිනි හිවලාගේ වගේ අවශ්‍ය ටැබ් එක ලස්සනට තෝරන්න පුළුවන්. තවත් අංග ගොඩායි,
  1. Password Manager - මුරපද පාලකය
  2. Speed Dial - වේග මුහුණත
  3. Power Scrolling - පිටුවක පහළට යනකොට ලස්සනට පිටුව පහළට ඇදිලා යනවා. ස්පර්ශ සංවේදී උපකරණයක් නම් තමයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ.
  4. Touch & Keypad - ස්පර්ශ සංවේදී දුරකථන වලට ගැළපීම සහ තිරය මත දිස්වන යතුරුපුවරුව
  5. Google Searchbox - ගිනි හිවලාගේ දකුණු පස ඇති ආකාර ගූගල් සොයනය
ඉතිං මේ විදියට ගොඩාක් අංග එක්රැස් කරලා තමයි Opera Mini 5 සංස්කරණය නිර්මාණය කරලා තියෙන්නේ.
කෙසේ වෙතත් කීප දෙනෙක් කිව්ව විදියට ලොකු තිර නැති දුරකථන වල නම් නැත්නම් උපකරණ වල සහ බලය අඩු උපකරණ වල ටිකක් භාවිතය අපහසුයි කියලා. ඒක වෙන්න පුළුවන්, මොකද අතුරු මුහුණත තරමක් සංකීර්ණ නිසා වගේම ඒකට උපකරණයේ මතකයත් (උදා: Ram) බලපාන නිසා. හැබැයි ඒ ගැන තීරණය කරන්න ඔයාලට මෘදුකාංගය දාලම බලන්න වෙනවා.
මේ තියෙන්නේ Nokia 5800 XpressMusic වල ඔපෙරා මිනි 5 ධාවනය වෙන අයුරු දැක්වෙන සටහන් කීපයක්. මමත් තවම මේක භාවිතා කරන්න ආරම්භ කරා විතරයි. ඒ නිසා මේ සටහනේ තියන අඩුපාඩු පොඩි කමෙන්ට් එකකින් සම්පූර්ණ අමතක කරන්න එපා.

ඔපෙරා මිනි 5 ලබාගන්න මෙතැන ක්ලික් කරන්න

ඔපෙරා මිනි 5 නොකියා 5800 එක්ස්ප්‍රෙස්මියුසික් මත (On Nokia 5800 XpressMusic):
ටැබ් බ්‍රවුසිං - Tab Browsing
 
ස්පීඩ් ඩයල් - Speed Dial
ගූගල් - Google
 
තිරය මත යතුරුපුවරුව - Onscreen Keyboard 
ගූගල් - වෙඩ් අඩවි සොයන්න
ගූගල් - පිංතූර සොයන්න
සිංහල බ්ලොග් කියවන්න
 සිංහල බ්ලොග් කියවන්න
(හරියටම යුනිකෝඩ් වැඩ නෑ. ඒත් කියවන්න බැරි කමක් නෑ :))
මෙනුව

Friday, September 11, 2009

සිම්බියන් ඕඑස් සහ එහි 9.4 සංකරණය 5 (Symbian OS 9.4 rel.5)

සිම්බියන් යනු නොකියා ස්මාට්ෆෝන් නැතනම් "Smartphone" දුරකථන වල භාවිතා වන මෙහෙයුම් පද්ධතියයි. මෙය ක්‍රමයෙන් විකාශනය වූ පද්ධතියක් වන අතර අද වන විට සිම්බියන් ඕඑස් 9.4 වල පස් වන සංස්කරනය බොහෝ දුරකථන නිෂ්පාදකයින් විසින් භාවිතා කෙරෙයි. තවදුරටත් එය ජනප්‍රිය වෙමින් පවතින්නේ එය අඩංගුව නිකුත්වන දුරකථන භාවිතයේ පහසුව නිසාය.

මීට පෙර සිම්බියන් මෙහෙයුම් පද්ධති භාවිතා වුනේ නොකියා දුරකථන වල පමණක් වුනත් පළමුව කිව්වා වගේ දැන් නම් මෙම තත්වය වෙනස් වී තිබෙනවා. ඒ මොකද සිම්බියන් මෙහෙයුම් පද්ධතිය දැන් නිදහස් සහ විවෘත මෘදුකාංගයක් (Free and Open Source Software - FOSS) වන නිසා. මෙනිසා ඕනෑම කෙනෙකුට අවශ්‍ය පරිදි එය භාවිතා කරන්න පුළුවන් තමන්ගේ උපකරණ සමඟ. මෙනිසා තමයි සැම්සුං, සෝනි එරික්සන් වැනි අනෙකුත් සුප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදකයින් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතයට යොමු වී තිබෙන්නේ.

එයට හේතු:
පළමුවෙන්ම කිව්වොත් සිම්බියන් කියන්නේ නොකියා සමාගම විසින් මූලිකව භාවිතා කරන ලද මෙහෙයුම් පද්ධතියක්. මෙනිසා මෙයට එක් වී සිටින භාවිතා කරන්නන්ගේ (User Community) ප්‍රමාණය ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි මෘදුකාංග සංවර්ධකන් ද (Software Developers) ප්‍රමාණයෙන් අති විශාලයි. ඉතින් එතකොට මොකද වෙන්නේ?
  1. ඉතා විශාල මෘදුකාංග සංඛ්‍යාවක් අන්තර්ජාලයෙන් සොයා ගත හැක. (Software Availability)
  2. ඉක්මනින් අවශ්‍ය උදව් ලබා ගත හැක. (Community Help)
  3. ඉක්මනින් වැරදි නිවැරදි කිරීම - විශාල ප්‍රජාවකින් සමන්විත නිසා මෘදුකාංග වල පවතින වැරදි ඉක්මනින් හඳුනා ගැනීමත් එයට පිළියම් යෙදීමත් සිදුවෙයි (Software Updates)
  4. භාවිතයට පහසු අතුරුමුහුණතක් තිබීම. (User-Friendly Interface)
නොකියා 5800 එක්ස්ප්‍රස් මියුසික් යනු නොකියා සමාගමේ පළමු ස්පර්ශ සංවේදී දුරකථනයයි. පළමු වරට Symbian OS v9.4, Series 60 rel. 5 කියන සිම්බියන් මෙහෙයුම් පද්ධතිය භාවිතා කළේ මෙම දුරකථනයටයි. සමහර වෙලාවට මෙය Symbian OS v5 (සිම්බියන් ඕඑස් වර්ෂන් 5) කියලත් හඳුන්වනවා. එය ස්පර්ශ සංවේදී දුරකථන සඳහා විශේෂයෙන්ම නිපදවන ලද සිම්බියන් මෙහෙයුම් පද්ධතියකි. මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන දුරකථන,

දැනට වෙළඳපලේ පවතින (නිකුත් වූ දින පිළිවෙලට),
  1. නොකියා 5800 එක්ස්ප්‍රස් මියුසික් (Nokia 5800 XpressMusic) - 2008 නොවැම්බර්
  2. සැම්සුං අයි8910 ඔම්නියා එච්ඩී (Samsung i8910 Omnia HD) - 2009 මැයි
  3. නොකියා එන්97 (Nokia N97) - 2009 ජුනි
  4. නොකියා 5530 එක්ස්ප්‍රස් මියුසික් (Nokia 5530 XpressMusic) - 2009 අගොස්තු
වෙළඳපලට නිකුත්විමට නියමිත (ප්‍රසිද්ධ කළ දින පිළිවෙලට),
  1. සෝනි එරික්සන් සේෂෝ - අයිඩෝවූ (Sony Ericsson Satio - Idou) - 2009 පෙබරවාරි
  2. නොකියා 5800 නැවිගේෂන් එඩිෂන් (Nokia 5800 Navigation Edition) - 2009 අගෝස්තු
  3. නොකියා එන්97 මිනි (Nokia N97 Mini) - 2009 සැප්තැම්බර්
  4. නොකියා එක්ස්6 (Nokia X6) - 2009 සැප්තැම්බර්
මෙම සියලුම දුරකථන වල භාවිතා වන්නේ ඉහත සඳහන් මෙහෙයුම් පද්ධතිය වුවත් එක් එක් දුරකථනයේ වින්‍යාසය (Configuration) නම් පැහැදිලි ලෙසම වෙනස් වේ. නමුත් මෙම පද්ධතිය සඳහා ආර්ම් සකසනයක්ම (ARM Processor) අවශ්‍ය වෙන බව තමයි කියවෙන්නේ. (වැඩි විස්තර)

මෙකී නොකී තවත් බොහෝ හේතූන් නිසා ක්‍රම ක්‍රමයෙන් "ස්මාට්ෆෝන්" සඳහා වූ මෙහෙයුම් පද්ධති වලින් සිම්බියන් ඕඑස් ඉහළට ඒම වළක්වනු නොහැකි වනු ඇත. එය නිදහස් සහ විවෘත මෘදුකාංගයක් කිරීම ඒ සඳහා මං පෑදු ප්‍රධාන සාධකයක්ද වන්නේය.