Showing posts with label Day-to-Day. Show all posts
Showing posts with label Day-to-Day. Show all posts
Monday, June 29, 2009
පාලුවට ගිහින්...
දවසේ හරිය බ්ලොග් සටහන පාලුවට ගිහින්. ලැප්ටොප් එකේ ලිනක්ස් පිහිටුවලා තිබුණු දෘඩ තැටියේ දෝෂයක් නිසා මට ආපහු වින්ඩෝස් වලට මාරු වෙන්න සිද්ධ වුණානෙ. වින්ඩෝස් වල සිංහල ටයිප් කරන එක මට එච්චර ඇල්ලුවේ නැහැ. ඒත් දැන් වෙන කරන්න දෙයක් නැහැ. දැනට වින්ඩෝස් පාවිච්චි කරනවා.
Labels:
Day-to-Day,
දවස
Friday, February 27, 2009
හිම සීනු
සීත කාලය යනු විටෙක සීත ඉහලිය නොහැකි සමයකි. සුළං හමා යන කාලයක් වුවහොත් මෙය ඉතාමත් දරුණු වේ. ඔක්තෝබරයේ සිට පෙබරවාරි, මාර්තු දක්වා ඇදෙන සීත සමය නිම වනවිට එහි වැසියනටද ඉතා තෘප්තිකර කාලයක් උදා වේ. ගිම්හාන කාලයට කෙමෙන් කෙමෙන් පය තබන සොභා දහම නැවුම් බවක් පරිසරයට මෙන්ම අප සිතටද කාවද්දයි. ගිම්හාන කාලයත් සීත කාලය අවසන් වන සමයත් පරිසරයේ ඉමහත් වෙනසක් ඇති වන කාලයකි. කුඩා මල් පොළොවින් මතු වන්නේ තවත් පොළොව යට සැඟවී ගන්නට බැරුවා සේය.

මේ හිම සීනු නොහොත් "Snow Bells" ලෙස හැඳින්වෙන පොළොවෙන් ඉහළට මතුවන ඉතා කුඩා මල් වර්ගයකි. මැරී ගිය ගහ කොළ අතරින් මෙම මල් මතු වන්නේ ඇත්තෙන්ම නව සමයක උදාව කියාපාමිනි.
මේ හිම සීනු නොහොත් "Snow Bells" ලෙස හැඳින්වෙන පොළොවෙන් ඉහළට මතුවන ඉතා කුඩා මල් වර්ගයකි. මැරී ගිය ගහ කොළ අතරින් මෙම මල් මතු වන්නේ ඇත්තෙන්ම නව සමයක උදාව කියාපාමිනි.
Labels:
Day-to-Day,
දවස
Thursday, February 26, 2009
වැනසුම සහ නිපැයුම
දසත විසිරී ගිය තුරුලතා සිතටත් ගතටත් ගෙන එන්නේ කෙතරම් සිසිලක්ද... කාලයත් සමග මිනිසාගේ දියුණුවත් සමඟ ඔහු පරිසරය හා ගැටෙන්නට විය... එයින් පෙරලා පහර බැට කන්නේද මිනිසාම නොවෙද?

ඕනෑම දෙයක් නිපැයුමට ඉඩකඩ්ත් අමුද්‍රව්‍යත් අවශ්‍ය වේ. දෙකටම පරිසරය මුහුණ දෙයි. මෙම මාර්ග නිපැයුමත් පසෙකින් එකිනෙක අඩු වී යන ගසුත් එයට කදිම නිදසුනක් සපයයි. "මිනිසා පරිසරයටත් පරිසරය මිනිසාටත්" යන පැරණි වදන් නොව "පරිසරය මිනිසාට" යයි එය නිවැරදි කළ යුතු කාලය එළඹී ඇත...

Tuesday, February 24, 2009
අන්තර්ජාල වේගය
ලංකාවේ නම් අන්තර්ජාල වේගය ගැන විවාදයක් අවශ්‍ය නැත. එයට එක් හේතුවක් නම් අපගේ යටිතල පහසුකම් වල මද කමය. අනෙක ලංකාවේ අන්තර්ජාල භාවිතය 100% පැතිරී නොතිබීමත් කාර්යාලයීය කටයුතු (සියලු ක්ෂේත්‍ර වල) සහ එදිනෙදා කටයුතු පූර්ණ ලෙස පරිගණකය වටා ගොඩ නැගී නොතීබීමත් තවත් හේතු සාධක වේ.
යුරෝපය සංවර්ධිත රටවලින් යුතුය. අන්තර්ජාල භාවිතය 100% කීවාට වරදක් නැත. ඕනෑම ක්ෂේත්‍රයක පැයක පමණ අන්තර්ජාල අත්හිටුවීමක් සිදු වුවහොත් එම ආයතනයට සිදුවන පාඩුව අතිමහත් විය හැක.
උදාහරණයක් ලෙස ප්ලාස්ටික් බෝතල් නිපදවන ආයතනයක්(අ. යයි සිතම්) ගැන සිතන්න. වෙනත් පාරිභෝගික ආතනයකට(ආ.) බෝතල් 10000ක හදිසි ඇණවුමක් අවශ්‍යව ඇත. දැන් සෑම කටයුත්තක් සඳහාම ඊ-මේල් භාවිතා කිරීම සාමාන්‍ය දෙයකි. මෙනිසා අ. ආයතනයෙන් ආ. ආයතනය ඇණවුම සඳහා ඊ-මේල් පණිවුඩයක් යවයි. නමුත් අ. ආයතනයේ හදිසි දෝෂයක් නිසා පැයක/දෙකක පමණ අන්තර්ජාල පහසුකම අත්හිටවීක් සිදුවී ඇත. මෙනිසා ඉහත ඊ-මේල් පණිවුඩයට පිළිතුරක් නොලබන ආ. ආයතනය වෙනත් සපයන්නකු වෙත යොමු විය හැකිය. එය අ. ආයතනයට දීර්ග කාලීන පාඩුවක් වනු ඇත.
මෙනිසා සංවර්ධිත රටවල් අන්තර්ජාල පහසුකම් සඳහා බොහෝ සේ වියදම් කිරීම අරුමයක් නොවේ. කෙසේ වෙතත් මෙම හේතූන් නිසා අන්තර්ජාල වේගය ද ඉතා සිත්ගන්නා සුළු අතර ස්ථාවරද වේ. යම් කිසි වැදගත් විශාල ගොනුවක් බාගත කර ගැනීමට දවස් ගණන් බලා සිටිය යුතු නැත. මෙම වීඩියෝ දසුන එයට මනා නිදසුනක් වනු ඇත. :)
සූරික්, ස්විට්සර්ලන්තය

Monday, February 16, 2009
වර්ණවත් යුරෝපය
සීත සෘතුවේ හිම වැටී සුදු පැහැ වෙයි. වසන්තය වර්ණවත්ය. වරෙක කහ පැහැතිය, මල් කොල වැටී යයි. ඉතින් යුරෝපියන් හැමදෙයකම මෙම වර්ණවත් භාවය අත් විඳින්නට තැත් කරයි. ඒ නිසාම බිත්තරයට පවා වර්ණයක් දෙන්නට ඔවුන් පසුබට වී නැත.

කැමරා ඇසට හසු වූයේ ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ සුපිරි වෙලඳසැලකදීය. ඇත්තේනම මෙය ඊස්ටර් සඳුදා නොහොත් Easter Monday ලෙස හැඳින්වෙන විශේෂ නිවාඩු දිනය සඳහා භාවතා කරයි.
කැමරා ඇසට හසු වූයේ ස්විට්සර්ලන්තයේ සුප්‍රසිද්ධ සුපිරි වෙලඳසැලකදීය. ඇත්තේනම මෙය ඊස්ටර් සඳුදා නොහොත් Easter Monday ලෙස හැඳින්වෙන විශේෂ නිවාඩු දිනය සඳහා භාවතා කරයි.
Labels:
Day-to-Day,
දවස
Sunday, February 15, 2009
චමත්කාර සවසක්
ග්ලොබලයිසේෂන්, ග්ලෝබල් හීටින්, ග්‍රීන් හවුස් ඉවෙක්ට්, බ්ලා බ්ලා බ්ලා... මේ ආකාරයේ නොයෙකුත් තාක්ෂණික වචන දැන් මහජනයා අතරද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මිනිසාගේම ක්‍රියාකාරකම් නිසා හානි වී යන චමත්කාර ස්වභාවධර්මය නොයෙකුත් වෙසින් පැමිණ මිනිසා මට්ටු කරන්නට තැත් කලත් මිනිසා නොව එයින් මට්ටු වන්නේ. මෙම දසුන මාගේ කැමරා ඇසට හසු කරගන්නට උත්සාහ කලේ තව නොබෝ දිනකින් මේ චමත්කාර හිරු බැස යන දසුන අහස උසට නැග ගිය කොන්ක්‍රීට් දසුනකින් බොඳවී යා හැකි යැයි හැඟුනු බැවිනි.
Labels:
Day-to-Day,
දවස
ශක්තිමත් බව සහ සැහැල්ලු බව
ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේ ශක්තිමත් බව එක් වැදගත් අවශ්‍යතාවයකි. දැනට පවතින ද්‍රව්‍යයයන් අපට ශක්තිමත් බව ගෙන දුන්නද ශක්තිය ලබාගැනීමත් සමඟ සැහැල්ලු බව අඩු වීමද වර්තමාන ඉංජිනේරුවා මුහුණ පා ඇති විශේෂ ගැටළුවකි. මේ නිසා ශක්තිය රඳවා ගන්නා අතරම ආකෘතියක සැහැල්ලු බවද රඳවා තබා ගත හැකි ආකාර ගැන වර්තමාන ඉංජිනේරුවා සිතන්නට පෙලඹී ඇත. මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ, මක්නිසාද යත්, වැඩි ශක්තියක් ලබා ගැනීමට වැඩි ද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වීමත් ඒ සමඟ බරෙහි වැඩිවීමද සිදුවීමයි.
මේ සඳහා පිලියමක් ලෙස ගොඩනැගිලි ඉදිකිරීමේ දී සිමෙන්ති සමඟ මිශ්‍ර කළ හැකි ද්‍රව්‍යයක් සොයා ගැනීමේ ව්‍යාපෘතියක මේ දිනවල නියැලී සිටිමි. එක්තරා දුරකට මෙම ව්‍යාපෘතිය සාර්ථක වී ඇතත් යාමට තව බොහෝ දුරක් ඉතිරි වී ඇත. මෙම කර්තව්‍යයේදී අප නිර්මාණය කරන ද්‍රව්‍යය පරීක්ෂා කිරීම එක් වැදගත් සංධිස්ථානයකි. පහත දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

පරීක්ෂක සන්දි අතර රඳවා ඇති පරීක්ෂක කොටස

පරීක්ෂක කොටස විනාශ වීමෙන් පසු (එනම් එයට දැරිය හැකි උපරිම බලයෙන් පසු)
Test from Kasun Vidanapathirana on Vimeo.
කාලයත් සමඟ පරීක්ෂක කොටස මත යෙදෙන බලය පරිගණකයේ සටහන් වන ආකාරය. බලයේ ක්ෂණික පසුබෑම පරීක්ෂක කොටස බිඳ වැටීමේ ශබ්දයත් සමග මනාව දර්ශනය වෙයි.

Thursday, February 12, 2009
අපේ දුප්පත් කම
ලංකාව තාමත් සංවර්ධනය වන රටක්. ඒක නිසා ඉංජිනේරු ක්ෂේත්‍රයේ R&D එහෙමත් නැත්තම් සමීක්ෂණය සහ සංවර්ධනය කියන දේ ලංකාවේ සිදු කෙරෙන්නේ නැති තරම්. නමුත් පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයේ නම් දැන් ඒක ක්‍රියාත්මක වෙන බව පේනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අනෙකුත් ඉංජිනේරු ක්ෂේත්‍ර වලට සාපේක්ෂ වශයෙන් විශාල ප්‍රාග්ධනයක් නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය වීම. උදාහරණයක් විදියට ඉංජිනේරු ක්ෂේත්‍රයේ එක් උපකරණයක් සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කරන්නට සිදුවෙන්න පුළුවන්. ඒන් සමහර විට එය R&D සඳහා අවශ්‍ය එක උපකරණයක් පමණක් වන්නටත් පුළුවන්.
මට මේක තදින්ම වැටහුණේ අද පර්යේෂණාගාරයේ ඉන්න වෙලාවකිදි. එක්තරා පරීක්ෂණයක් සඳහා මට මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්න ඕනේ වුණා.

මේ උපකරණය heater එකක්. කෙනෙකුට අවශ්‍ය උෂ්ණත්වයක් ඒකෙන් ලබාගෙන ඒ උෂ්ණත්වයේ රඳවා ගන්න පුළුවන්. ඒ වගේම තවත් කුඩා කොටසක් පාවිච්චි කරලා ද්‍රවයකට මිශු විමක් ලබා දෙන්නත් පුළුවන්. මේ රූපයෙන් පේන්නේ සෙරම්ක් (Ceramic) පරීක්ෂක කොටස් කිපයක තියන ජලයේ දියවන පොලිමර් (Polymer) කොටස ඩිබයිනඩ් කරන අවස්ථාවක්. මම මේ උපකරණය පාවිච්චි කලේ පලමු වතාවට මේ පර්යේෂණාගාරයේදි. නමුන් මේක පර්යේෂණ සඳහා අත්‍යාවශ්‍ය උපකරණයක් විදියටයි මට නම් හැඟෙන්නේ. අනෙක් දියුණු රටවල් වලින් ආපු අයට නම් ඒක හුරු පරුදු උපකරණයක්. නමුත් මේක මම අපේ විශ්වවිද්‍යාලයේදී නම් දැකල තිබුණේ නෑ. ඒ වෙලාවේ තමයි මට හිතුනේ අපේ දුප්පත් කම ගැන.
මේක පරීක්ෂණයේ පොඩි වීඩියෝ එකක්.

හරිම සීතල දවසක්
උදෙන්ම නැගිටලා වැඩට යන්න ලෑස්ති වුනේ හරිම අමාරුවෙන්, මොකද ආපහු හිම වැටෙන්න පටන් අරගෙන. අද උෂ්ණත්වය සෙ. -20යි, මේක ලියන වෙලාවේ නම් ඊටත් වඩා අඩු වෙලා තියෙන්නේ රෑ නිසා. උදේ පාන්දර අමාරු වුනත්, එලියට බැහැල යන්න ගත්තම නම් හිතට හරි සැහැල්ලුවක් දැනුනා. හැම තැනම සුදු පාට හිම වලින් පිරිලා පරිසරයට එකතු කලේ චාම් බවක්. බයිසිකලේ නැගලා වටපිටාවේ අසිරිය නැරඹුවත් මම ගොඩාක් පරිස්සම් වුනා හිම උඩ බයිසිකලය පැදගෙන යන්න. ඒ කලින් පාර ලංකාවෙදි වගේ හිම උඩ උජාරු කම් කරන්න ගිහින් මට මතකයි ගහන්න ගිය පිනුම. ඉතින් ඔහොම තද හිමේ යන අතරේ පිංතූර දෙක තුනකුත් ගන්න අමතක කලේ නෑ මම අපේ යාළුවෝ වෙනුවෙන්.

හැබැයි වැඩ ඉවර වෙලා ආපහු ගෙදර එන වෙලාව වෙනකොට නම් හැමදේම වෙනස් වෙලා තිබුණෘ. ආපහු නිල් පාට පැහැදිලි අහස. ඒත් හිම තාමත් පරිසරයට එක් කලේ නිවුනු බවක්. ඒත් මේ හවස නිසාමදෝ මන්දා ඒ නිවුනු බව එක අතකට මූසල බවක්ද කියලත් මට හිතුණා.