Thursday, February 12, 2009

හරිම සීතල දවසක්

උදෙන්ම නැගිටලා වැඩට යන්න ලෑස්ති වුනේ හරිම අමාරුවෙන්, මොකද ආපහු හිම වැටෙන්න පටන් අරගෙන. අද උෂ්ණත්වය සෙ. -20යි, මේක ලියන වෙලාවේ නම් ඊටත් වඩා අඩු වෙලා තියෙන්නේ රෑ නිසා. උදේ පාන්දර අමාරු වුනත්, එලියට බැහැල යන්න ගත්තම නම් හිතට හරි සැහැල්ලුවක් දැනුනා. හැම තැනම සුදු පාට හිම වලින් පිරිලා පරිසරයට එකතු කලේ චාම් බවක්. බයිසිකලේ නැගලා වටපිටාවේ අසිරිය නැරඹුවත් මම ගොඩාක් පරිස්සම් වුනා හිම උඩ බයිසිකලය පැදගෙන යන්න. ඒ කලින් පාර ලංකාවෙදි වගේ හිම උඩ උජාරු කම් කරන්න ගිහින් මට මතකයි ගහන්න ගිය පිනුම. ඉතින් ඔහොම තද හිමේ යන අතරේ පිංතූර දෙක තුනකුත් ගන්න අමතක කලේ නෑ මම අපේ යාළුවෝ වෙනුවෙන්.





හැබැයි වැඩ ඉවර වෙලා ආපහු ගෙදර එන වෙලාව වෙනකොට නම් හැමදේම වෙනස් වෙලා තිබුණෘ. ආපහු නිල් පාට පැහැදිලි අහස. ඒත් හිම තාමත් පරිසරයට එක් කලේ නිවුනු බවක්. ඒත් මේ හවස නිසාමදෝ මන්දා ඒ නිවුනු බව එක අතකට මූසල බවක්ද කියලත් මට හිතුණා.



2 comments:

wapsmadusanka said...

pattai machan.I wish you all the bests.Continue this one.It's very interesting.Tell this one to others also............

Anonymous said...

ඔව් ඔව් තනිකම පාලුව දැනෙනකො‍ට ඔහොම වෙනවා. ගනන් ගන්න එපා මචෝ. මම අර උඹ‍ට හැමදාම කියන්නෙ කරන්න කියලා.. අන්න ඒක කරලා පාලුව මකා ගනින්.

Post a Comment