Tuesday, February 24, 2009

අන්තර්ජාල වේගය

ලංකාවේ නම් අන්තර්ජාල වේගය ගැන විවාදයක් අවශ්‍ය නැත. එයට එක් හේතුවක් නම් අපගේ යටිතල පහසුකම් වල මද කමය. අනෙක ලංකාවේ අන්තර්ජාල භාවිතය 100% පැතිරී නොතිබීමත් කාර්යාලයීය කටයුතු (සියලු ක්ෂේත්‍ර වල) සහ එදිනෙදා කටයුතු පූර්ණ ලෙස පරිගණකය වටා ගොඩ නැගී නොතීබීමත් තවත් හේතු සාධක වේ.

යුරෝපය සංවර්ධිත රටවලින් යුතුය. අන්තර්ජාල භාවිතය 100% කීවාට වරදක් නැත. ඕනෑම ක්ෂේත්‍රයක පැයක පමණ අන්තර්ජාල අත්හිටුවීමක් සිදු වුවහොත් එම ආයතනයට සිදුවන පාඩුව අතිමහත් විය හැක.
උදාහරණයක් ලෙස ප්ලාස්ටික් බෝතල් නිපදවන ආයතනයක්(අ. යයි සිතම්) ගැන සිතන්න. වෙනත් පාරිභෝගික ආතනයකට(ආ.) බෝතල් 10000ක හදිසි ඇණවුමක් අවශ්‍යව ඇත. දැන් සෑම කටයුත්තක් සඳහාම ඊ-මේල් භාවිතා කිරීම සාමාන්‍ය දෙයකි. මෙනිසා අ. ආයතනයෙන් ආ. ආයතනය ඇණවුම සඳහා ඊ-මේල් පණිවුඩයක් යවයි. නමුත් අ. ආයතනයේ හදිසි දෝෂයක් නිසා පැයක/දෙකක පමණ අන්තර්ජාල පහසුකම අත්හිටවීක් සිදුවී ඇත. මෙනිසා ඉහත ඊ-මේල් පණිවුඩයට පිළිතුරක් නොලබන ආ. ආයතනය වෙනත් සපයන්නකු වෙත යොමු විය හැකිය. එය අ. ආයතනයට දීර්ග කාලීන පාඩුවක් වනු ඇත.

මෙනිසා සංවර්ධිත රටවල් අන්තර්ජාල පහසුකම් සඳහා බොහෝ සේ වියදම් කිරීම අරුමයක් නොවේ. කෙසේ වෙතත් මෙම හේතූන් නිසා අන්තර්ජාල වේගය ද ඉතා සිත්ගන්නා සුළු අතර ස්ථාවරද වේ. යම් කිසි වැදගත් විශාල ගොනුවක් බාගත කර ගැනීමට දවස් ගණන් බලා සිටිය යුතු නැත. මෙම වීඩියෝ දසුන එයට මනා නිදසුනක් වනු ඇත. :)


සූරික්, ස්විට්සර්ලන්තය

No comments:

Post a Comment