Monday, February 16, 2009

ස්විට්සර්ලන්තයේ ගම්මානයක්

ගමක්... මේ වචනය ඇසුනු පමණින් ශ්‍රී ලාංකිකයකුට නම් මනසට නැගෙන්නේ මනරම් පරිසරයකි. ගහ කොළ වලින් පිරි කුරුළු නාද වලින් කන පිනවන තැන තැන නැගුනු සුන්දර කුඩා නිවහන් වලින් සමන්විත පෙදෙසකි. යුරෝපියයකුට නම් මෙය ගමක් නොව පාරාදීසයකි. වරෙක ලාංකීය ස්වභාව සෞන්දර්යය පිරි දසුන් කිහිපයක් යුරෝපියයකුට පෙන්වූ විට ඔහුගේ මුවින් නික්මුනේ, "ඕහ්, මේක පාරාදීසයක් වගෙයිනේ" යන වදන්ය. එම වදන් ඔහුගේ මුවින් පිටවීම අරුමයක් නොවන බව මේ විඩියෝ දර්ශනය නැරඹූ විට ඔබටද වැටහෙනු ඇත.

අපිට නම් අපේ දේ අගේ නැත.



මෙය ස්විට්සර්ලන්තයේ සූරික් නම් කලාපයෙහි පිහිටි ඩියුබන්ඩෝෆ් නමැති ගමක මාර්ගයක දෙපස දසුනකි. මෙය ජර්මන් බස භාවිතා වන පෙදෙසකි. ජර්මන් බසින් "ඩෝෆ්" යන්නෙන් අදහස් වන්නේ "ගම" යන්නයි. එනම් ඩියුබන් නමැති ගම. නමුත් ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත් ම කුඩා නගරයක් කිව්වාට වරදකුත් නැත. නමුත් අනෙකුත් නගර හා සසඳන විට ඇත්තෙන්ම මෙය ගමක් ලෙස හැඳින්වීම නිවැරදිය.

1 comment:

wapsmadusanka said...

actually srilanka is a paradise.But we can't can't understand its value.

Post a Comment