Sunday, February 22, 2009

ආරක්ෂිත බිම් ගෙවල්

වරෙක මුළු ලොවම කම්පා කළ හිට්ලර් නම් අධිරාජ්‍යවාදී හිතැති පුද්ගලයා බිහි වූ ජර්මනියට යාබද එක් රටකි, ස්විට්සර්ලන්තය. එමෙන්ම එය මෙතෙක් කිසිදු රාජ්‍යයක් විසින් යටත් කර නොගත් කිසිදු පහරදීමකට ලක්නොවූත් රටකි. මෙනිසා ස්විස් වැසියන් එක්තරා මානයකින් යුතු පිරිසකැයි කීවාට වරදකුත් නැත. සමහර විටෙක දුක්මුසු අතීතයක් ජර්මනියට හිමි කළ හිට්ලර්ගේ වදන් පවා පිටරැටියන්ට එරෙහිව ඔවුන්ගේ මුවින් පිට වන්නේ ජර්මන් ජාතිකයන් පවා එයට වෛර කරන විටකය.

කෙසේ වුවද තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගතහොත් හොඳ යයි සිතූ අතීත ස්විස් ජාතිකයන් ගොඩනැගිලි ඉදිකිරීමේදී එක්තරා නීතියක් පනවා තිබේ. එනම්, සෑම ගොඩනැගිල්ලකම අනිවාර්ය බිම් මහලක් තිබිය යුතු වීමයි. මෙහි දැක්වෙන්නේ එසේ තැනූ බිම් මහලක කොටසක දසුන් කිහිපයකි. ඒ හදිසි පහරදීමකදී තාවකාලිකව සැඟවී සිටිය හැකි ස්ථානයකි.


බිම් මහලේ එක් කොටසකට ඇතුළු වන අඩි බාගයක් පමණ පළලැති යකඩ රාමුවක් සහිත කොන්ක්‍රීට් දොර.

මෙහි බිත්තියක් අඩියකටත් වඩා පළලට තනා ඇති අතර හදිසි අවස්ථාවක් වුවහොත් මෙම ස්ථානයෙන් ඉවත් වීමට උමං මාර්ගයක් පවා තිබී ඇත.






වෙනත් ස්ථානයක් හා සම්බන්ධ වන උමං මග.

No comments:

Post a Comment