ලංකාව තාමත් සංවර්ධනය වන රටක්. ඒක නිසා ඉංජිනේරු ක්ෂේත්‍රයේ R&D එහෙමත් නැත්තම් සමීක්ෂණය සහ සංවර්ධනය කියන දේ ලංකාවේ සිදු කෙරෙන්නේ නැති තරම්. නමුත් පරිගණක ඉංජිනේරු ක්ෂේත්‍රයේ නම් දැන් ඒක ක්‍රියාත්මක වෙන බව පේනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අනෙකුත් ඉංජිනේරු ක්ෂේත්‍ර වලට සාපේක්ෂ වශයෙන් විශාල ප්‍රාග්ධනයක් නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් අවශ්‍ය වීම. උදාහරණයක් විදියට ඉංජිනේරු ක්ෂේත්‍රයේ එක් උපකරණයක් සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කරන්නට සිදුවෙන්න පුළුවන්. ඒන් සමහර විට එය R&D සඳහා අවශ්‍ය එක උපකරණයක් පමණක් වන්නටත් පුළුවන්.
මට මේක තදින්ම වැටහුණේ අද පර්යේෂණාගාරයේ ඉන්න වෙලාවකිදි. එක්තරා පරීක්ෂණයක් සඳහා මට මෙන්න මේ උපකරණය පාවිච්චි කරන්න ඕනේ වුණා.
මේ උපකරණය heater එකක්. කෙනෙකුට අවශ්‍ය උෂ්ණත්වයක් ඒකෙන් ලබාගෙන ඒ උෂ්ණත්වයේ රඳවා ගන්න පුළුවන්. ඒ වගේම තවත් කුඩා කොටසක් පාවිච්චි කරලා ද්‍රවයකට මිශු විමක් ලබා දෙන්නත් පුළුවන්. මේ රූපයෙන් පේන්නේ සෙරම්ක් (Ceramic) පරීක්ෂක කොටස් කිපයක තියන ජලයේ දියවන පොලිමර් (Polymer) කොටස ඩිබයිනඩ් කරන අවස්ථාවක්. මම මේ උපකරණය පාවිච්චි කලේ පලමු වතාවට මේ පර්යේෂණාගාරයේදි. නමුන් මේක පර්යේෂණ සඳහා අත්‍යාවශ්‍ය උපකරණයක් විදියටයි මට නම් හැඟෙන්නේ. අනෙක් දියුණු රටවල් වලින් ආපු අයට නම් ඒක හුරු පරුදු උපකරණයක්. නමුත් මේක මම අපේ විශ්වවිද්‍යාලයේදී නම් දැකල තිබුණේ නෑ. ඒ වෙලාවේ තමයි මට හිතුනේ අපේ දුප්පත් කම ගැන.
මේක පරීක්ෂණයේ පොඩි වීඩියෝ එකක්.
2 comments:
අඩෝ ඕකෙන් අපිට උවමනා ගනට හරියටම සෙල්සියස් අන්ෂකේටම රත් කරලා ....... තේ බොන්න පුලුවන් නේ?
@තිලංක, මාර අදහස! දාන්න පහක්. :)
Post a Comment